Get Dinuro Page Register now

Dinuro Profile sale discount off 30% - +94774667522

DoReMe Music Books are available here Shop now

Small Header Image
hp-slideshow-01 Happy Plus +

Negombo

11177

What's New

Now Play
Featured
ගණන් කථාව 25:1‭-‬3 NRSV $0

ඉශ්රායෙල්වරු ෂිට්ටිම් නම් මිටියාවතෙහි කඳවුරු බැඳගත්හ. ඔව්හු, මෝවබ් කාන්තාවන් සමඟ අනාචාරයේ හැසිරෙන්නට පටන්ගත්හ. මේ ස්ත්‍රීන් තමන්ගේ දෙවි දේවතාවන්ට පිදූ පුදපූජා සඳහා සෙනඟට ආරාධනය කළ විට, ඔව්හු ගොස් ඒ පිදේනි වළඳා, ඒ දෙවි දේවතාවන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය. මෙසේ ඉශ්රායෙල්වරුන් පෙයෝර්හි බාල් නම් දෙවියාට කැ...

ගණන් කථාව 26:63‭-‬65 NRSV $0

මෙසේ ජොර්දාන් ගඟබඩ ජෙරිකෝව අසල මෝවබ් මිටියාවතෙහි මෝසෙස් සහ පූජක එලෙයාසර් විසින් ඉශ්රායෙල් ජනයා ලියාපදිංචි කරන ලදහ. එහෙත්, සීනයි පාළුකරයේ දී මෝසෙස් සහ පූජක ආරොන් ඉශ්රායෙල් ජනයා ලියාපදිංචි කරන විට සිටි අයගෙන් එක් කෙනෙක් වත්, මෙහි නොසිටියේ ය. ඔවුන් පාළුකරයේ ම මියයන බව සමිඳාණන් වහන්සේ කියා තිබිණි. මෙලෙ...

ගණන් කථාව 15:16‭-‬21 NRSV නුඹලාටත්, නුඹලා සමඟ කලකට වසන විදේශිකයන්ටත් එක ම නීතියක් සහ එක ම නියෝගයක් වලංගු වනු ඇත $0

නුඹලාටත්, නුඹලා සමඟ කලකට වසන විදේශිකයන්ටත් එක ම නීතියක් සහ එක ම නියෝගයක් වලංගු වනු ඇත.’ “ යළි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න: ‘මා නුඹලා ව ගෙනෙන රටට නුඹලා පැමිණි පසු ඒ රටේ නිපද වූ ආහාර අනුභව කරන විට, ඉන් කොටසක් විශේෂ පඬුරු පිණිස සමිඳාණන් වහන්සේ වන මා ස...

ගණන් කථාව 23:16‭, ‬18‭-‬23 NRSV $0

සමිඳාණන් වහන්සේ බාලාම්ට මුණ ගැසී, ඔහුට කතා කොට, “නුඹ බාලාක් වෙත නැවත ගොස් මෙසේ කියන්නැ”යි වදාළ සේක. එවිට බාලාම් මේ දිවැස් වැකිය පැවසී ය: “බාලාක්, අවදි ව ඇහුම්කන් දෙන්න; ශිප්පෝර්ගේ පුත්‍රය, මට සවන් දෙන්න; දෙවිඳාණෝ බොරු කියන මිනිසෙක් නොවෙති; පසුබට වන මිනිස් පුතෙක් ද නොවෙති; එතුමාණෝ, තමන් කී දේ ඉටු නො...

ගණන් කථාව 20:2‭-‬3‭, ‬6‭, ‬8‭, ‬12 NRSV $0

ජනතාවට එහි ජලය නොතිබුණු බැවින් ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වී මෝසෙස්ට අභියෝග කරමින්, “සමිඳාණන් වහන්සේ ඉදිරිපිට අපේ සොහොයුරන් නැසුණු විට අපිත් නැසුණෙමු නම් කෙතරම් හොඳ ද? එවිට මෝසෙස් සහ ආරොන් සෙනඟගෙන් ඉවත් ව, සම්මුඛ මණ්ඩපයේ දොරකඩට ගොස් මුණින්තලා වැටුණාහ. සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ඔව...

ගණන් කථාව 16:2‭, ‬15‭, ‬32‭-‬35‭, ‬46‭, ‬49 NRSV ඔවුන් සමඟ ඉශ්රායෙල් ජනයා අතර සභාව කැඳවන, ජනප්‍රිය, කීර්තිමත් දෙසිය පණස්දෙනෙක් ද මෝසෙස්ට විරුද්ධ ව කැරලි ගැසූ හ. $0

ඔවුන් සමඟ ඉශ්රායෙල් ජනයා අතර සභාව කැඳවන, ජනප්‍රිය, කීර්තිමත් දෙසිය පණස්දෙනෙක් ද මෝසෙස්ට විරුද්ධ ව කැරලි ගැසූ හ. මෝසෙස් ද එවිට තදින් රොස් වී සමිඳාණන් වහන්සේ අමතමින්, “ඔබ ඔවුන්ගේ පඬුරු නොපිළිගනු මැනවි. මම නම්, ඔවුන්ගෙන් කිසිවෙකුට නපුරක් නොකෙළෙමි. ඔවුන්ගේ කොටළුවෙකු වත් නොගතිමි”යි කී ය. භූමිය කට අයා ගත...

ද්විතීය නීති සංග්‍රහය 14:28‭-‬29 $0

“සෑම තුන් අවුරුද්දක් අවසානයේ දී ඔබ ඒ තෙ වන අවුරුද්දේ ලැබූ අස්වැන්නෙන් දසයෙන් කොටස ගෙනැවිත් වාසල් දොරටු ඇතුළත තැබිය යුතු ය. එවිට වාසල් දොරටු ඇතුළත සිටින ඔබට මෙන් රටින් කොටසක් හෝ උරුමයක් හෝ නැති ලෙවීවරුන් ද ආගන්තුකයන් ද අනාථ වූවන් ද වැන්දඹුවන් ද විත් ඒවා අනුභව කොට තෘප්තිමත් වනු ඇත. මෙසේ කළොත්, ඔබේ සි...

යමෙකු කූඩාරමක මළොත්, එවිට වලංගු නීතිය මේ ය $0

යමෙකු කූඩාරමක මළොත්, එවිට වලංගු නීතිය මේ ය: කූඩාරමට ඇතුළු වන සියල්ලන් හා එහි සිටින සියල්ලෝ හත් දිනකට අපවිත්‍ර ය. වැස්මක් නැති ව, ඇර තිබූ භාජන සියල්ල අපවිත්‍ර ය. එලෙස ම යමෙකු එළිමහනේ කඩුවකින් මරාදැමූ කෙනෙකු හෝ මෘත ශරීරයක් හෝ මිනිසෙකුගේ ඇටකටුවක් හෝ සොහොනක් හෝ ස්පර්ශ කළොත් ඔහු දින හතකට අපවිත්‍ර ය. ගණන...

ද්විතීය නීති සංග්‍රහය 24:14‭-‬15 NRSV $0

“ඔබේ සහෝදර ජනතාවගෙන් හෝ ඔබේ දේශයේ නගරවල විදේශීන්ගෙන් හෝ දිළිඳු, අසරණ කුලීකරුවෙකුට පීඩා නොකළ යුතු ය. ඉර බැස යාමට පෙර ඔහුගේ දවසේ කුලිය ඔහුට ගෙවිය යුතු ය. ඔහු දිළිඳු නිසා, ඔහු ඒ කුලිය බලාපොරොත්තුවෙන් සිටියි. එසේ නොගෙව්වහොත් ඔහු සමිඳාණන් වහන්සේට මොරගසනු ඇත, එය ඔබට පාපයක් වන්නේ ය. ද්විතීය නීති සංග්‍රහය ...

යම් පුරුෂයෙකු සමිඳාණන් වහන්සේට බාරයක් වුවහොත් - ගණන් කථාව 30:2‭-‬8‭, ‬16 NRSV $0

‘යම් පුරුෂයෙකු සමිඳාණන් වහන්සේට බාරයක් වුවහොත්, නැත්නම්, යම් කිසි දෙයකින් වැළකෙන හැටියට දිවුරුමක් දුන්නොත්, ඔහු තම වචනය කඩ නොකළ යුතු ය. තමා කී පරිදි සියල්ල ඉටු කළ යුතු ය. ‘යම් කිසි තරුණ කාන්තාවක ඇගේ පියාගේ ගෘහයේ සිටිය දී, සමිඳාණන් වහන්සේට බාරයක් වී දිවුරුම් දුන් පසු, ‘ඇගේ පියා, ඈ කළ බාරය සහ ඈ යමකින...

ගණන් කථාව 17:2‭, ‬5‭, ‬8‭, ‬10‭-‬11 NRSV ඉශ්රායෙල් ජනයා අමතා ඔවුන්ගේ පිය පෙළපත් අනුව, ගෝත්‍රවල මූලිකයන් එක් එක්කෙනාගෙන් එක බැගින් $0

“ඉශ්රායෙල් ජනයා අමතා ඔවුන්ගේ පිය පෙළපත් අනුව, ගෝත්‍රවල මූලිකයන් එක් එක්කෙනාගෙන් එක බැගින්, සැරයටි දොළසක් ඔවුන්ගෙන් ගෙන නුඹ ඒවායේ එක් එක්කෙනාගේ නම් සටහන් කරන්න. මම යමෙකු තෝරාගන්නෙම් ද ඔහුගේ සැරයටියෙහි දලු ලියලන්නේ ය. නුඹට විරුද්ධ ව මැසිවිලි දොඩවන ඉශ්රායෙල් ජනයාගේ මැසිවිලි මා වෙත පැමිණීම මම මෙයින් නව...

ගණන් කථාව 21:5‭-‬9 NRSV සෙනඟ දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධ ව කතා කරමින් $0

සෙනඟ දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධ ව කතා කරමින්, “මේ පාළුකරයේ අප මැරෙන්නට ඇරීමට ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අපට කන්නත් නැත, බොන්නත් නැත. අපට ලැබෙන මේ සිල්ලර කෑම අපට දැන් තිත්ත වී ඇතැ”යි පැවසූ හ. එවිට සමිඳාණන් වහන්සේ සෙනඟ මැදට විසකුරු සර්පයන් එවූ විට, ඒ සර්පයෝ ඔවුන්ට දෂ්ට කළහ. ඉශ්රායෙල් ...

දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ ලෙස ඔබට ආශීර්වාද කරන නිසා $0

දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ ලෙස ඔබට ආශීර්වාද කරන නිසා ඔබ බොහෝ ජාතීන්ට මුදල් ණයට දෙන්නහු ය. එහෙත්, ඔබ නම් මුදල් ණයට ඉල්ලා නොගත යුතු ය. ඔබ බොහෝ ජාතීන් පාලනය කරන්නහු ය. එහෙත්, ඔව්හු ඔබ පාලනය නොකරන්නෝ ය. ද්විතීය නීති සංග්‍රහය 15:6 NRSV...

සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “ලෙවීවරුන්ට කතා කොට මෙය කියන්න $0

සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “ලෙවීවරුන්ට කතා කොට මෙය කියන්න: ‘නුඹලාට උරුම කොට දුන් දසයෙන් කොටස නුඹලා ඉශ්රායෙල් ජනයාගෙන් ගන්න විට, එයිනුත් දසයෙන් කොටසක් විශේෂ පඬුරක් වශයෙන් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය. කමතේ ධාන්‍ය ප්‍රමාණයට නැතහොත් මිදි පැසේ මිදිපැන්වල ප්‍රමාණයට නුඹේ විශේෂ පඬුරු ...

ගණන් කථාව 24:15‭-‬25 NRSV $0

ඉන්පසු බාලාම් මේ අන්තිම අනාවැකිය කී ය. “බෙයෝර්ගේ පුත්, බාලාම්ගේ පණිවුඩය මේ ය, ඇස් පැහැදුණු මිනිසාගේ කියමන මේ ය. දෙවි වදනට සවන් දුන්, මෙහෙසුරු පිළිබඳ දැනගැන්ම ඇති, සව් බලැති සමිඳුන්ගේ දර්ශනය දිටි, ධ්‍යාන සුවයට සම වැදුණු, නෙත් පැහැදී ඇති ඔහුගේ කියමන, මේ ය. මම එතුමන් දකිමි, එහෙත් දැන් නොවේ; මට එතුමන් ...